සෞදියට ගංවතුර ඇතිවීමේ අවධානමක්



සෞදි අරාබියේ ප්‍රදේශ කිහිපයකට ඇද හැළෙන ධාරාන්නිපාත වැසි හේතුවෙන්  ක්ෂණික ගංවතුර ඇතිවීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ. ‍

ඇද හැළෙන ධාරාන්නිපාත වැසි හේතුවෙන් ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බැවින්, දැඩි ලෙස ප්‍රවේසම් වන ලෙස සෞදි සිවිල් ආරක්ෂක අධිකාරිය එරට මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

තායිෆ්, මයිසාන්, අදහම් සහ අල් අර්දියාත් ඇතුළු මක්කම නගරවල සිටින පිරිස්වලට ගංවතුර ජලයේ පිහිනීමෙන් වළකින ලෙසත්, ආරක්ෂිත උපදෙස් තදින්ම අනුගමනය කරන ලෙස උපදෙස් දී ඇත.

තද වැසි සමග ප්‍රබල සුළං, හිම කැට වැසි සහ දූවිලි කුණාටු ඇතිවිය හැකි බවට අපේක්ෂා කෙරේ.

දැනට පවතින වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර අවදානම් මතු විය හැකි ජසාන, අසීර් සහ අල් බහා යන ප්‍රදේශ සඳහා ද දැඩි කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS