සෞදිය සිවවැනි වරටත් ලොව පළමු තැනට

සෞදි අරාබිය අඛණ්ඩව සිව්වන වසරටත් ලොව විශාලතම රටඉඳි අපනයනකරු ලෙසතේරී පත් වී ඇති බව වාර්තා වේ.
2025 වසරේදී එහි අපනයන ප්‍රමාණය සෞදි රියාල් බිලියන 1.938 දක්වා ළඟා වූ බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සියවාර්තා කළේය.
ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේදත්තවලට අනුව සෞදි අරාබිය රටඉඳි ලොව පුරා රටවල් 125 කට ආසන්න සංඛ්‍යාවකට අපනයනය කෙරේ.
මෙම ජයග්‍රහණයට හේතුව, මෙම ක්ෂේත්‍රය සඳහා ලැබෙන අඛණ්ඩ සහයෝගය මෙන්ම සැපයුම් දාමයන් සහ අපනයන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික ව්‍යවසායන් සහ කර්මාන්ත පාර්ශවකරුවන් අතර පවතින සහයෝගීතාවය බව රටඉඳි පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී, අහමඩ් අල් මූසා මහතා සඳහන් කළේ ය.
සෞදි අරාබියේ රටඉඳි ගස් මිලියන 37 කට වඩා පවතින අතර, වාර්ෂික රටඉඳි නිෂ්පාදනය ටොන් මිලියන 1.9 ඉක්මවයි.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline -රියාද් නුවර)

