මානසික ආතතිය කළමනාකරණය කර ගනිමු

මානසික ආතතිය මිනිසාට ඇතිවන ස්වභාවික හැඟීමකි. මානසික ආතතිය අප සියල්ලන්ටම පොදු වූ දෙයකි.
ආතතියෙන් තොරව ජීවත් වීම බොහෝවිට අසීරු වන්නේ, අප දැනුවත්ව මෙන්ම නොදැනුවත්වම ආතතියට මුල්වන විවිධ දේ වලට එදිනෙදා දිවියේ දී මුහුණ දීමට අපට සිදුවන බැවිනි.මානසික ආතතියට මුහුණ දීමට බොහෝ විට දී විවිධ උපක්‍රම, විවිධ ක්‍රියාවලි, විවිධ මානසික හා කායික ක්‍රමවේද, විවිධ චර්යා රටාවන් භාවිත කිරීමට සිදුවේ. ඒවා එක්තරා අන්දමක මානසික ආතතිය කළමනාකරණ ක්‍රම වශයෙන් සැලකිය හැකිය.
මානසික ආතතිය කළමනාකරණය කිරීමේ දී ඉතාම වැදගත් වන කරුණු රාශියක්ම ඇත. ආතතිය නිසා ඇතිවන සාධකය, ආතතිය ඇතිවන ස්ථානය, වේලාව මෙන්ම ආතතිය ඇති වන පුද්ගලයාගේ දැනුම අවබෝධය මෙන්ම අතීත අත්දැකීම් වැදගත් වේ.තව ද මෙම කළමනාකරණ ක්‍රමවේදය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනු ඇත. මෙම ක්‍රමය ඉතාම පිළිවෙළකට විද්‍යාත්මකව ලබා දිය යුතු දෙයකි.
පළමුවෙන්ම මානසික ආතතිය ඔබට ඇතිවූ විට දී ඔබගේ මනස සන්සුන් කිරීම හෝ මනස සංයමයකට පත්කර ගැනීම අත්‍යාවශ්‍ය වේ. මේ සඳහා මෙම ක්‍රමය අනුගමනය කිරීම වඩාත් උචිත වේ. ප්‍රථමයෙන්ම හැකි පමණ නිශ්ශබ්ද සන්සුන් පරිසරයකට යාම. සැහැල්ලු ඇඳුමක් සහිත වීම ඉතාම යෝග්‍යයයි. එම පරිසරයේ පහසු ක්‍රමයකට වාඩි වීම හෝ හාන්සි වීම. අනතුරුව දෑස් පියා ගන්න. හොඳින් තද හුස්මක් ගන්න. අනතුරුව තමන් ගත් හුස්ම ටික එසේම තබා ගන්න. මේ සඳහා අපට හැකි පමණ කාලයක් ගැනීම සහ එය එක් එක් පුද්ගලයාට වෙනස් විය හැකිය. අඩු වශයෙන් තත්පර 5ක් වත් එලෙස කිරීම යෝග්‍ය වේ.ඉන්පසුව සෙමෙන් හුස්ම පිටකල යුතු වේ. ඇඟට “පණ නැතිවන” තුරුම එයකල යුතු වේ.එසේ කරන විටදී තමන්ට දැනෙන වෙනස ගැන අවධානය දීම අනතුරුව සාමාන්‍ය විදියට හුස්ම ගැනීම හෙළීම වාර 3ක් කරන අතර දී තමන්ට දැනෙන වෙනස ගැන අවධානය දිය හැකිය.කලබල නොවී හෙමින් හෙමින් තම කාලය ගෙන මෙයට යොමු කල යුතු වේ. නැවතත් තදින් හුස්ම ගනිමින් ප්‍රතිකාරය නැවත මුල සිට කිරිම.(මෙම ප්‍රතිකාරය මනෝ විද්‍යාත්මක පර්යේෂණයකින් සැකසූ ඉතා ක්‍රමවත් මනෝ විද්‍යාත්මක සංයම ප්‍රතිකාර ක්‍රමයක සරල පියවරකි. මෙය කෙනෙකුට තනිවම කළ හැකිය.
මේ අන්දමින් පළමු දින කිහිපය වි. 5ක් පමණ කරමින්, ක්‍රම ක්‍රමයෙන් ප්‍රතිකාරය කරන කාලය වි. 15 දක්වා වැඩි කර ගනිමින් මෙම ප්‍රතිකාරය දවසට 3න් වරක්වත් කල යුතු වේ. ප්‍රතිකාරය අවසන් වී තවත් විනාඩි 5ක් පමණ සිට, ඇස් ඇර අපට දැනෙන වෙනස ගැන අවධානය යොමු කල යුතු වේ.මෙය පුරුදු කරන අතරදී, අපට ආතතිය ඇති වන කරුණු ගැන අධ්‍යයනය කල හැකි වේ. එම කරුණු, ඒවා ඇතිවීමට හේතු, එම හේතු අඩුකර ගැනීම වැනි ක්‍රියාමාර්ග අපට අනුගමනය කල හැකි වේ. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.මෙලෙසට සාධක අඩුකිරීම, කළමනාකරණය කිරීම සඳහා අපට අවශ්‍ය මානසික ශක්තිය ඉහත සඳහන් සංයම ප්‍රතිකාරයෙන් ලැබෙනු ඇත.
එසේම මෙම ක්‍රමවේද අනුගමනය කරන අතර දී අපට ලැබෙන දැනෙන සෑම ප්‍රගතිය තුල ප්‍රීතිමත් සැහැල්ලු ජීවිතයකට මුල පුරයි. එය අපගේ මානසික තත්වය, ආත්ම විශ්වාසය, ආත්ම අභිමානය වර්ධනය කර ගැනීමට හේතු වනු ඇත.මෙයට අමතරව ආශ්වාස ප්‍රශ්වාසය කරමින් කරනු ලබන ශාරීරික ව්‍යායාම වල දිනකට අඩුම වශයෙන් විනාඩි 10ක් වත් යෙදීම මානසික ආතතිය කළමනාකරණයට රුකුලක් වේ.මෙලෙසට මෙම ක්‍රමවේද යොදාගන්නා විටදී අපට විවිධාකාර වූ “අශුභවාදී” සිතුවිලි හිතට එනු ඇත.
එසේත් නැතිනම් මෙම සිතුවිලි ද අපගේ ආතතියට බලපානු ලබන සාධකයක් විය හැකිය.මෙවන් අවස්ථා වලදී අපගේ එම සිතුවිලි වල ඇති අවැඩදායීතාවය, කරදරය ගැන හිතා එම සිතුවිලි සමඟ එකඟ නොවී කටයුතු කල යුතු වේ.මෙයට අමතරව අපට දැනෙන ගුණ වෙනස්කම් දිනපතාම පොතක සටහන් කිරිමෙන් මෙන්ම සතියකට පසුව නැවතත් අපට ඒවා කියවූ විටදී අප ලබා ගත් වෙනස්කම් ගැන සතුටු විය හැකිය. එය අපගේ පෞරුෂත්ව වර්ධනයට උදව් වේ.මෙය මානසික ආතතිය කළමනාකරණ ප්‍රතිකාර ක්‍රමයකි. ඉතාම ක්‍රමවත් හා සාර්ථක මානසික ආතතිය කළමනාකරණය ප්‍රතිකාර මාලාවක් මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයක් භාවිතා කරන, නියමිත සුදුසුකම්ලත් වෘත්තිකයන් ගෙන් ලබා ගැනීම ඉතාම වැදගත් වේ.එය ඉතා විශිෂ්ඨ ප්‍රතිඵල ලබා දීමට උදව් වනු ඇත.
සටහන - රුෂි නෙත්මිණි

