තරුණ අය ‘ඇන්ටිබයොටික්ස්‘ ගැනීම අවදානමක්



 

 

 

 

ඇන්ටිබයොටික්ස්‘ (ප්‍රතිජීවක)  වැඩි වශයෙන් ගන්නා තරුණ දරුවන්ට නව යොවුන් වියේදී පූර්ව දියවැඩියා තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි විද්‍යාඥයෝ පෙන්වාදෙති.

ප්‍රතිජීවක ඖෂධවලින් ආමාශයේ ඇති ක්ෂුද්‍ර ජීවි පරිසර පද්ධතිය විනාශයට පත්වන කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත.

මෙම සොයාගැනීම් සිදු කර ඇත්තේ ග්‍රීසියේ ඇතැන්ස් විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පාසලේ පර්යේෂකයෝ පිරිසකි.

ප්‍රතිජීවක ඖෂධ ආමාශයේ ඇති ක්ෂුද්‍ර ජීවින්ගෙන් ලැබෙන ප්‍රතිලාභ අඩු කරන බවත් පෝෂපදාර්ථ සිරුරට අවශෝෂණය කර ගැනීම හා සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලියට ද අහිතකර බලපෑම් කරන එම පර්යේෂකයෝ පෙන්වා දෙති. 

මේ නිසා පූර්ව දියවැඩියා තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති කරන බවත් විශේෂයෙන්ම දෙවැනි වර්ගයේ දියවැඩියා තත්ත්වයක් ඇතිවන බවත් පර්යේෂකයෝ අවධාරණය කරති. 

පූර්ව දියවැඩියා තත්ත්වයේදී රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ යයි. එහෙත් එය දියවැඩියා මට්ටමට පැමිණෙන්නේ නැත. 

මේ තත්ත්වය දෙවැනි වර්ගයේ දියවැඩියාව, හදවත් රෝග හා ආඝාත ඇතිවීමේ අවදානම වැඩි කරයි. 

පූර්ව දියවැඩියාව ඇති පුද්ගලයන්ගෙන් සියයට 30කට පමණ වසර පහක් ඇතුළත දෙවැනි වර්ගයේ දියවැඩියාව අවදානමක් ඇත. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගතහොත් මේ තත්ත්වයෙන් මිදිමේ හැකියාව ඇත. 

පූර්ව දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන බවට වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු තුනේ පසුවන විට එම වසරේදී තුන් වතාවකට වැඩියෙන් ප්‍රතිජීවක ගත් දරුවන්ය. 

 

හර්ෂණ තුෂාර සිල්වා

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS