එච්.අයි.වී. තවදුරටත් මාරක රෝගයක් නොවේ
ඒඩ්ස් රෝග තත්ත්වය ඇති කරන එච්.අයි.වී. වයිරස (මානව ප්‍රතිශක්ති ඌණතා වයිරසය) තව දුරටත් මාරක වයිරසයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එච්.අයි.වී. වයිරස ව්‍යාප්තිය ආරම්භයේ දී මිලියන ගෝලීය වශයෙන් 42.2 ක් ජීවිතක්ෂයට පත් වූහ. 1996 වසර වෙද්දී, ඒඩ්ස් රෝගියකුගේ උපරිම ආයු කාලය වසර 36 ක් විය. 2011 වෙද්දී එය අවුරුදු 75 දක්වා ඉහළ ගියේය. ඒ සාමාන්‍ය නිරෝගී පුද්ගලයකුගේ ආයු කාලය මෙනි.
එච්.අයි.වී. වයිරස තව දුරටත් මාරක වයිරසයක් නොවන බවත්, නොයෙක් ආකාරයේ නව ප්‍රතිකාරවලින් එච්.අයි.වී. වයිරස ආසාදිතයන්ගේ සිරුරුවල ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට හැකිවීම ආාදිතයන්ට වයිරසය සමඟ ජීවත් වීමට උපකාරී වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.