සිරුරේ වෙසෙන අලුත් ජීවියෙක්
අප සිරුරේ, අපට හොරෙන් ජීවත් වන නව ජීවියකු සොයා ගැනීමට විද්‍යාඥයෝ සමත් වී සිටිති. සාමාන්‍යයෙන් අප සිරුරුවල ඇසට නොපෙනන ක්ෂුද්‍ර ජීවීහු ජීවත් වෙති. අප සිරුරුවලට රිංගා සිරුර ලෙඩ කරන වයිරස සහ අහිතර බැක්ටීරියා ඊට අයත් වෙයි. එහෙත් මේ නව ජීවියා බැක්ටීරියාවක් හෝ වයිරසයක් හෝ නොවෙයි. වයිරස ලක්ෂණ පෙන්නුම් කළත් වයිරසයක් නොවෙයි.
මනුෂ්‍ය අප කාගේත් සිරුරුවල මෙම නව ජීවියා ජීවත් වෙයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට එම ජීවියා වෙනස් වන බව ද පැවැසෙයි. විද්‍යාඥයන් මෙම නව ක්ෂුද්‍ර ජීවියා නම් කර ඇත්තේ, ‘ඔබිලික්ස්’ යන නමිනි. ඒ මේවායේ හැඩය අනුවය. ඔබිලික්ස්’ යනු චතුරශ්‍රාකාර ශිලා ස්ථම්භයකි. ‘ඔබිලික්ස්’ ජීවීයාගේ හැඩය, කෙදි වැනිය.
ඉතාමත් සරලව කීවොත්, ‘ඔබිලික්ස්’ යනු අප සිරුරුවල ඇති ජානමය ද්‍රව්‍යයයන්ය. ස්වයං ආකාරයට හැඩ ගැන්වුණු ජාන එකක් හෝ දෙකක් අඩංගු වන දෙයකි. විද්‍යාඥයන්ට, ‘ඔබිලික්ස්’ නමැති මෙම නව ක්ෂුද්‍ර ජීවියා හමුවී ඇත්තේ මිනිස් ජාන සම්බන්ධයෙන් අධ්‍යයනයන් සිදු කරද්දීය. විද්‍යාඥයන්ට මෙතෙක් කල් මෙම ජීවියා හමුවී නැත්තේ, ඔවුන් මෙතෙක් සිතා සිටියේ ඒවා මනුෂ්‍ය සිරුරට අයත් සිරුරේ ජානමය කොටස් කියාය. වෙනම ගති ලක්ෂණ ඇති ජීවියකු බව තහවුරු කර ගැනීම සිදුවූයේ දීර්ඝ අධ්‍යයනයක ප්‍රතිඵලයකිනි.
‘ආර්.එන්.ඒ’ වයිරස ලක්ෂණ ‘ඔබිලික්ස්’ තුළ දකින්න ලැබුණු බැවින්, විද්‍යාඥයන් මුලින් සිතුවේ, ඒවා සිරුරේ පදිංචි වී සිටින නව වයිරස විශේෂයක් විය හැකි බවය. කෙසේ නමුත් ජාන අධ්‍යයනයන් දිගින් දිගටම සිදු කරද්දී, විද්‍යාඥයන්ට අවබෝධ වූයේ ‘ඔබ්ලික්ස්’ යනු මෙතෙක් සොයා නොගත් නව ජීවියකු බවත්ය.
“ඒක නම් ඇත්තටම හරිම පුදුමයක්. අපගේ සිරුරුවල මේ ආකාරයට නව ජීවියකු සිටිනවා යැයි අපට හිතා ගන්නවත් බැහැ. ඒත් ඇත්තටම එහෙම ජීවියෙක් ඉන්නවා. මේ ජීවියා විද්‍යාවට ආගන්තුකයි.” යැයි විද්‍යාඥයා් පැහැදිලි කරති.
‘ඔබිලික්ස්’ සොයා ගැනීමට දායක වූයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ජෛව රසායනි විද්‍යාඥ ඉවාන් සෙලුඩේය් ඇතුළු විද්‍යාඥයන් කණ්ඩායමය. ඔවුන් ආර්.එන්.ඒ. අණු සම්බන්ධයෙන් සොයා බැලීම් කරද්දී, අහඹු ලෙසින් ‘ඔබිලික්ස්’ සොයා ගැනීමට හැකි වුණු බව පැවැසෙයි. මේ වනවිට එකිනෙකට වෙනස්, ‘ඔබිලික්ස්’ විශේෂ 30,000 ක් පමණ සොයා ගැනීමට පවා විද්‍යාඥයෝ සමත් වී සිටිති.
‘ඔබිලික්ස්’ ගැන අප කලින් දැන නොසිටියත්, බැක්ටීරියා අප සිරුරුවල ජීවත් වන බව අප හොඳින් දන්නා කරුණකි. ‘හොඳ’ සහ ‘නරක’ වශයෙන් වෙන් කෙරෙන බැක්ටීරියාවලින්, ‘හොඳ’ බැක්ටීරියා අපේ සිරුරුවල පැවැත්මට ඉතා වැදගත් වෙයි. නිසි වෛද්‍ය උපදෙස්වලින් බැහැර වී, හිතුමතේ ප්‍රතිජීවක වැනි ඖෂධ ලබා ගැනීම මගින් සිදුවන්නේ අප සිරුරුවල ඇති ‘හොඳ’ එසේත් නැතිනම් ‘හිතකර’ බැක්ටීරියා මියයෑමය.
ඩේලිමේල් ඇසුරිනි