දිගටම නිදි මරනවා නම් ඔබේ මොළය මැරෙනවා
ප්‍රමාණවත් නින්දක් නොලැබෙනවා නම්, නිදි වැරීම ඔබේ පුරුද්දක් නම්, එය හොඳ පුරුද්දක් නොවන බව විද්‍යාඥයෝ පැහැදිලි කරති.
ඉදහිට ප්‍රමාණවත් තරමින් නින්ද නොලැබීම හෝ, නිදි වැරීම ගැටලුවක් නොවන නමුත් දිගින් දිගටම එසේ වන්නේ නම්, එයින් සිදුවන්නේ මොළය සෙමින් සෙමින් මියයෑමය.
විද්‍යාඥයන් මේ බව අනාවරණය කර ඇත්තේ මීයන් යොදා ගනිමින් කළ නවතම පර්යේෂණයකින් පසුවය.
ප්‍රමාණවත් ආකාරයට නින්ද නොලැබීමේදී සහ නිදි වැරීමේදී සිදුවන්නේ ඇස්ට්‍රෝසයිටිස් නමැති සෛල අධි ක්‍රියාකාරී වීමය. මෙසේ වන්නේ ඔබේ මොළයේ ආරක්ෂාවටය. එසේ වුවත් එය දිගින් දිගටම සිදුවන්නේ නම්, ඇස්ට්‍රෝසයිටිස් නිසාම මොළයට හානියක් වෙයි.
ඇස්ට්‍රෝසයිටිස් යනු සිරුරේ මධ්‍යම ස්නායු පද්ධතියට අයිති ප්‍රධාන සෛල විශේෂයකි. මොළයට ලේ ගමනාගමන හොඳින් සිදු කරමින්, සංඥා යොමු කිරීමට දායක වන්නේ මේවාය.
ලුසිත ජයමාන්න