දත් නැතුවට විසඳුමක්



සාමාන්‍යයෙන් වැඩුණු මිනිස් ශරීරයක අස්ථි 206 ක් ඇත. ඒවා සෑදී ඇත්තේ කැල්සියම්, ඛනිජ, සහ කොලජන් ආදිය එකට මිශ්‍ර වීමෙනි. 

අපට විශේෂයෙන් සිතා ගත නොහැකි සංකීර්ණ ක්‍රියාවලියක් නිර්මාණය වන මේ අස්ථි ඉතා ශක්තිමත්ය. නමුත් ඒවා බිඳී ගියහොත්, ඒවාට නැවත වර්ධනය වීමේ අපූරු හැකියාවක් ඇත.

කෙසේ වුවත්, දත් එසේ නාවේ. එකම ද්‍රව්‍යයෙන් සැදුණ ද ඒවා ‘දන්තීනය’ නැමති ඉතා දෘඪ තට්ටුවකින් ආවරණය වී තිබේ.  
ඉනෑමල් නමින් හැඳින්වෙන මෙය, මනුෂ්‍ය ශරීරයේ තියෙන වඩාත් දෘඪ ද්‍රව්‍යය ද වෙයි. ඒත්, අස්ථි මෙන්, ඒවාට තමන්වම සනීප කරගෙන නැවත වර්ධනය වීමේ හැකියාවක් නැත. එසේ නමුත්, සැමවිටම එය එසේ නොවෙයි.

ජපන් පර්යේෂකයෝ මේ වන විට මනුෂ්‍ය දත් නැවත වර්ධනය කරන වෛද්‍යමය ඖෂධයක් පිළිබඳ පරීක්ෂණයක් ඉදිරියට ගෙන යමින් සිටිති. මේ ඖෂධය භාවිතයට ගනිමින්, මනුෂ්‍යයන් යොදා ගත් සායනික මට්ටමේ පර්යේෂණ, 2024 වසරේ සැප්තැම්බරයේ දී ආරම්භ විය.

“දත් දිරා යෑමත් දත් දත් අහිමිවීම නවත්වා ගන්න නොහැකිව සිත් තැවුලට පත් ව සිටින අයට සහනයක් ලබා දීම අපගේ මෙම නව ඔසුවේ අරමුණ වෙයි.” යැයි ඔසාකා නගරයේ කිටානෝ රෝහලේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දන්ත්‍ය අංශය නියෝජනය කරන කට්සු ටකාහාෂි මහතා ‘ද මයිනීචි’ නමැති පුවත් සේවය වෙත පැවසීය. 

“මෙතෙක් ස්ථිර සුවයක් ලබාදිය හැකි ප්‍රතිකාරකයක් මීට නොතිබූ නමුත්, දැන් මේ නව ප්‍රතිකාර ක්‍රමය නිසා දත් වර්ධනය පිළිබඳ ඇති බලාපොරොත්තුව දැන් ඉහළ යෑමක් සිදුවේවි යැයි අපි විශ්වාස කරමු.” ඔහු තවදුරටත් පැවසීය.

මෙය වසර ගණනාවක් තිස්සේ කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස සංවර්ධනය කළ එකකි. ධරාලය ආශ්‍රිතව ඇති වන විශේෂ ජානයක් (USAG-1) මර්දනය කිරීමෙන් ඒ ආසන්නව ඇති වන පිළිකා සුව කිරීමට යොදා ගන්නා ප්‍රතිශක්තිකාරකයක් ඔස්සේ සිදු කළ අධ්‍යයනයකින් වර්ධනය කර ගෙන ඇති මෙය, මුගටියන් සහ මීයන් යොදාගෙන අත්හදා බලා තිබේ. මෙය 2021 වසරේදී, කියෝටෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විසින් පිළිකා වර්ධනය නවතාලීම සඳහා යොදා ගැනීමට හැකි බව තහවුරු කරන ඇත.

“USAG-1 නම් ඒ විශේෂ ජානය යටපත් කිරීම, දත් වර්ධනයට හිතකරය යන්න අපි දනිමු. නමුත් එය පමණක් දත්වල ඇති කිරීමට ප්‍රමාණවත් වේවිදැයි යන්න අපට විමසා බැලිය යුතුව තිබුණි.” යැයි මෙම අධ්‍යයනයට සම්බන්ධ සම පර්යේෂක, කියෝටෝ විශ්ව විද්‍යාලයේ කට්සු ටකාහාෂි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කර ඇත. “මුගටියන් හා මීයන් මිනිසුන්ට සමාන දත් රටාවක් සහිත ජීවිතයට දෙවරක් දත් එන සතුන් වෙනවා. ඒ නිසා ඔවුන් අපේ පර්යේෂණය සඳහා වඩාත් සුදුසු වුණා.” ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

Live Science 


RECOMMEND POSTS