කෑවොත් ඇපල් මරණය ඈත්වෙයි
කෑවොත් ඇපල් මරණය ඈත්වෙයි
දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීම මරණයට පත්වීමේ අවදානම සියයට 35කින් අඩුවන බව අධ්‍යයනයකින් අනාවරණය වී ඇත.
සෑම දිනකදීම ග්‍රෑම් සියයක් බරැති ඇපල් ගෙඩියක් (කුඩා ඇපල් ගෙඩියක්) ආහාරයට ගන්නා කාන්තාවන්ගේ ආයූ අපේක්ෂාව එසේ ඇපල් ගෙඩියක් ආහාරයට නොගන්නා කාන්තාවන්ට වඩා වැඩි බව එම අධ්‍යයනය කළ පර්යේෂකයෝ පවසති.
වසර 15ක් පුරා වයස 70ත් 85ත් අතර විශ්‍රාමික පිරිසක් මෙසේ අධ්‍යයනය කර ඇත්තේ බටහිර ඕස්ටේ්රලියා’ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසකි.
එම කණ්ඩායම විශ්‍රාමිකයන් 1,456ක් අධ්‍යයනය කර ඇති අතර ඔවුන්ගේ මෘත්යුතාවට ඇපල් ආහාරයට ගැනීම බලපෑ ඇති ආකාරය ඉතා වැඩි බව එහිදී අනාවරණය වී ඇත. එහිදි අධ්‍යයනයට සම්බන්ධ කරගන්නා ලද පිරිසගෙන් ආහාර සම්බන්ධයෙන් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරමින් තොරතුරු ලබාගැනීමට පර්යේෂකයන් කටයුතු කර තිබුණි.
දෛනිකව වෙනත් පළතුරු වර්ග ආහාරයට ගැනීම ද විවිධ සෞඛ්‍ය ප්රතිලාභ ගෙන දෙන බව මෙහිදි අනාවරණය වූ පර්යේෂකයෝ පෙන්වාදෙති.
ඇපල්වල කෙඳි විශාල ප්‍රමාණයක් ද සමේ ඇතිිෆ්ලේවනොයිඞ්’ ද අඩංගු වන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.
‘ෆ්ලේවනොයිඩ්ස් යනු පළතුරු හා එළවළුවල අඩංගු වන ශාක සංයෝගයකි. ෆ්ලේවනොයිඞ්ස්’ ඇපල්, බෙරි පළතුරු, පෙයාර්ස්, ස්ට්‍රෝබෙරී හා රාබුවල වැඩි වශයෙන් අඩංගු වෙයි.
සෛල විනාශ වීම වළක්වන ප්‍රතිඔක්සිකාරක ද ඇපල්වල අඩංගුවන බව පර්යේෂකයෝ පවසති.
හර්ෂණ තුෂාර සිල්වා
(ඩේලිමේල් ඇසුරිනි)