අලුත් දියවැඩියා තත්ත්වයක්



 

මෙම පස්වැනි ගණයේ දියවැඩියාව, ස්වයං ප්‍රතිශක්ති ගැටලු හෝ ජීවන රටාව ආශ්‍රිත හේතු නිසා හෝ ඇතිවන්නක් නොවීම විශේෂත්වයකි. පස්වැනි ගණයේ (Type 5) දියවැඩියා තත්ත්වය වර්ධනය වෙන්නේ, ළමා වියේදී ඇතිවන මන්දපෝෂණය නිසා අග්න්‍යාශයේ වර්ධනය අඩාල වීම ආදී ප්‍රධාන හේතු සාධක නිසාය.

සාමාන්‍යයෙන් ප්‍රධාන දියවැඩියා තත්ත්වයන් වන්නේ පළමුවැනි ගණයේ සහ දෙවැනි ගණයේ  දියවැඩියාව, ගර්භිණී දියවැඩියාව සහ ළදරු දියවැඩියාව ආදී වශයෙනි.

Type 1 දියවැඩියාව - මෙය ස්වයං ප්‍රතිශක්තිය හා බැඳුණු රෝගයක් වන අතර, ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය ඉන්සියුලින් නිපදවන සෛලවලට හානි කරයි. එවිට ජීවිත කාලය පුරාම ඉන්සියුලින් එන්නත් අවශ්‍ය වේ. Type 2 දියවැඩියාව - වඩාත් සුලභ දියවැඩියා වර්ගය මෙයයි. ශරීරයේ බර සහ ජීවන රටාව සමඟ සම්බන්ධ වී ඇතත්, ඇතැම් ජනවාර්ගික කණ්ඩායම් අතර ප්‍රබල ජානමය සම්බන්ධතා ද ඇත. බොහෝ විට ආහාර පාලනය, මෙට්ෆෝමින් වැනි ඖෂධ හෝ දිගුකාලීන බර අඩු කර ගැනීම මගින් ප්‍රතිකාර කළ හැකිය, නැතහොත් සමහර විට සම්පූර්ණයෙන්ම සුව කළ හැකිය.

ගර්භිණී දියවැඩියාව - ගර්භිණී සමයේදී හෝමෝන වෙනස්කම් හේතුවෙන් ඇති වන අතර, එය සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියෙන් පසු පහව යයි.

දුර්ලභ දියවැඩියා වර්ග කීපයකි. උපතින්ම ඇතිවන ළදරු දියවැඩියාව, නිශ්චිත ජාන නිසා ඇතිවන දියවැඩියා තත්ත්වය සහ Type 3c දියවැඩියා තත්ත්වයයි. Type 3c දියවැඩියා තත්ත්වය, අග්න්‍යාශයට සිදුවන හානි (පිළිකා හෝ අග්න්‍යාශ දැවිල්ල වැනි) නිසා ඇති වේ.

ලයිව් සයන්ස් ඇසුරිනි


RECOMMEND POSTS