නෙදන්යාහු ඉන්දීය සංචාරයට ‘බෑ’ කියයි



ඉන්දීය සංචාරයකට සූදානම් වුවත්, එම සංචාරය අවලංගු කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු තීරණය කර ඇත.

නෙදන්යාහු ඉන්දීය සංචාරය අවලංගු කර ඇත්තේ පසුගිය දා නවදිල්ලි අගනුවර පුපුරා ගිය කාර් බෝම්බය හේතුවෙන් යැයි ද පැවැසෙයි.

බුද්ධි තොරතුරු සැලකිල්ලට ගනිමින්, ඉන්දීය නිල සංචාරය අවලංගු කිරීමට පියවර ගත් බව නෙදන්යාහු පවසා ඇත.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා නවදිල්ලි අගනුවරට පැමිණ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්වීපාර්ශීවික සබඳතා ශක්තිමත් කර ගැනීමට නියමිතව තිබුණි.


RECOMMEND POSTS