FIFA වර්ජනයට ඉරානය සූදානම්

ඉරාන පාපන්දු සම්මේලනයේ (FFIRI) ප්රධානී මෙහ්දි ටාජ් ඇතුළු නිලධාරීන් කිහිප දෙනකුට ඇමරිකාව වීසා ලබා දීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන්, ලබන 2026 දී ඇමෙරිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය වර්ජනය කිරීමට ඉරානය සූදානම් වෙයි.
ඉරානය මෙම තීරළණය ගෙන ඇත්තේ වීසා නිකුත් කිරීම ප්රතික්ෂේප කළ රටවල් අතරේ ඉරානය ද සිටින බැවිනි. වීසා නිකුත් නොකිරීම පැහැදිලිවම දේශපාලන තීන්දුවක් බව ඉරානය චෝදනා නගයි.
මේ සම්බන්ධයෙන් ඉරාන රජය FIFA සංවිධානයට ද දැනුම් දී ඇති අතර, ඔවුන් මෙම කාරණය පිළිබඳව සොයා බලන බව FIFA සංවිධානය අවධාරණය කර ඇත.

