රිපබ්ලිකන් පක්ෂය දිනවන්න ඉලොන් මස්ක් කැපවෙලා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ ජය තහවුරු කිරීම සඳහා, පසුගිය වසරේ සිට මේ දක්වා, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් ඇමෙරිකන් ඩොලර් මිලියන 366 ක මුදලක් වැය කර ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඉලොන් මස්ක් දැඩි රිපබ්ලිකන් මතධාරියෙකි. ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවන් ද මස්ක් කැපවී වැඩ කළ සහ මුදල් යෙදවූ අයෙකි. 
ලබන නොවැම්බරයේ, ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණය පැවැත්වෙයි.  මධ්‍යවාර මැතිවරණය පැවැත්වෙන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සහ සෙනෙට් මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමටය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් මණ්ඩලයේ මේ වනවිට බහුතර බලය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුවය. ට්‍රම්ප්ට රිසි පරිදි අණ පනත් සම්මත කර ගැනීමටත්, තීන්දු තීරණ ගැනීමටත් හැකි වී ඇත්තේ ඒ නිසාය. 
 


RECOMMEND POSTS