ඩෙංගු ප්‍රතිශක්තිකරණ එන්නට ඕස්ට්‍රේලියා රජයේ අනුමැතිය



ඕස්ට්‍රේලියාව, ඩෙංගු වයිරසයට එරෙහි, ප්‍රතිශක්තිකරණ එන්නතකට අවසර දී ඇත. ඔස්ට්‍රේලියානු ප්‍රතිශක්තිකරණ උපදේශක කමිටුවේ නව මාර්ගෝපදේශ අනුව, මෙම අවසර දිම සිදුවී ඇතැයි පැවැසෙයි.

අවසරය හිමි වී ඇත්තේ, ‘කියු ඩෙංගා’ නමැති ප්‍රතිශක්තිකරණ එන්නතටය. ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත ලෙස තෝරාගෙන ඇති රටවල් බොහොමයක ඩෙංගු ව්‍යාප්තිය සිදුවෙයි.

එබැවින්, ඕස්ට්‍රලියා සෞඛ්‍ය බලධාරීන්, ‘කියු ඩෙංගා’ එන්නතට අනුමැතිය දුන් බව විදෙස් මාධ්‍ය පවසයි. ඔස්ට්‍රේලියාව, ඩෙංගු වයිරසයට එරෙහි, ප්‍රතිශක්තිකරණ එන්නතකට අවසර ලබා දුන් පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් බහුතරය ඉන්දුනීසියාව, තායිලන්තය, ඉන්දියාව, වියට්නාමය සහ ෆීජි වැනි ඩෙංගු අවදානම අධික රටවල සංචාරය කර ආපසු ආ ඕස්ට්‍රේලියානුවන්ය.


RECOMMEND POSTS