හංගේරියාවේ බස් අනතුරකින් 12ක් මරුට:10කට තුවාල

නැගෙනහිර හංගේරියාවේ මාර්ගයකදී පෝලන්ත සංචාරකයන් රැගත් බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 12 දෙනකු මියගොස් තවත් 10 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්ය ඊයේ (16) වාර්තා කළේය.
හංගේරියාවේ ඓතිහාසික මෙසෝකෙරෙස්ටෙස් නගරය ආසන්නයේ පිහිටි අධිවේගී මාර්ගයකදී ඊයේ(16) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේ රියදුරන් දෙදෙනාට අමතරව මගීන් 57ක් ගමන් කර තිබිණි.
බස් රථය පෙරෙළී කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මෙම බස් රථය පෝලන්තයේ ලියාපදිංචි කර ඇති එකක් බවත් අනතුරට හේතුව රියදුරාට නින්ද යාම බවට සැක පළ කෙරෙන බවත් එරට පොලිසිය පවසා තිබේ. කෙසේ නමුත් අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන බවද පැවැසෙයි.

