යුක්රේනයෙන් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්



ඩ්‍රෝන යානා 600 ක් යොදා ගනිමින් යුක්රේනය, දැවැන්ත ප්‍රහාරයක් රුසියාවට එල්ල කළ බව නගරාධිපති සර්ගෙයි සොබියානින් ප්‍රකාශ කළේය. පෙරේදා (15) රාත්‍රියේ සිට ඊයේ (16) පෙරවරු 6.30 දක්වා එම ප්‍රහාරය රුසියාවට එල්ල වූ බවත් එහිදී ඩ්‍රෝන 201 ක් විනාශ කර දැමීමට රුසියානු ගුවන් ආරක්ෂණ පද්ධතියට හැකියාව ලැබුණු බවත් ඔහු පැවැසුවේය.

ප්‍රහාරයෙන් මොස්කව් නගරයේ පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා තිබූ අතර යුක්රේන දේශසීමාවට ආසන්න රුසියාවේ රොස්ටොව් කලාපයට එල්ල වූ ප්‍රහාරවලින් තිදෙනකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා තිබිණි.

රොස්ටව් කලාපයේ නගර තුනක් සහ දිස්ත්‍රික්ක නවයක් ඉලක්ක කර යුක්රේනය එල්ල කළ ප්‍රහාරවලදී ඩ්‍රෝන සහ මිසයිල 150කට වැඩි සංඛ්‍යාවක් විනාශ කර දැමීමට රුසියානු හමුදාවට හැකියාව ලැබී ඇත.

යුක්රේනය එල්ල කළ එම ප්‍රහාරයට පිළිතුරු ලෙස රුසියාවද දරුණු ප්‍රහාරයක් යුක්රේනයට එල්ල කළ අතර එහිදී අවම වශයෙන් යුක්රේන වැසියන් 6ක් මියගිය බවද පැවැසෙයි.


RECOMMEND POSTS