මොරොක්කෝවේ තරුණ අරගලයක්
සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ ඉල්ලා මොරොක්කෝවේ විරෝධතා පැවැත්වෙයි. විරෝධතා සඳහා එක් වී සිටින්නේ එරට තරුණ තරුණියන්ය.
විරෝධතා මර්දනයට මොරොක්කෝ රජය කැරලි මර්දන පොලිසිය යොදවා ඇති බැවින්, විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබේ. මොරොක්කෝ රජය පවසා ඇත්තේ විරෝධතාකරුවන් 400 කට වැඩි ගණනක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවය. මොරොක්කෝව උතුරු අප්‍රිකානු රාජ්‍යයකි.
විරෝධතාකරුවන් පොලිසි සමඟ ගැටෙමින්, මෝටර් රථවලට ගිනි තබමින්, වෙළෙඳසැල් කොල්ල කෑමට පටන් ගෙන ඇතැයි ද පැවැසෙයි. මොරොක්කෝ මාධ්‍ය වාර්තා කළේ පොලිසියටත් හමුදාවටත් අයත් මෝටර් රථ 142 ක් විරෝධතාකරුවන් විසින් ගිනි තබා විනාශ කරනු ලැබූ බවය.
විරෝධතාකරුවන් සමඟ ගැටුණු ආරක්ෂක අංශ සාමාජිකයන් 263 දෙනකු තුවාල ලබා ඇතැයි ද පැවැසෙයි. ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ සිවිල් වැසියන් ගණන 23 කි.
විරෝධතා සංවිධානය කර ඇත්තේ ජෙන්සී 212 නමැති තරුණ විරෝධතාකරුවන්ය. මොවුන් සමාජ මාධ්‍ය හරහා සංවිධානය වී සිටින බව ද පැවැසෙයි. මොරොක්කෝවේ ප්‍රධාන නගර කීපයක විරෝධතා පැවැත්වෙන බව ද වාර්තා වේ.