මෙක්සිකෝ ගිණිකෙළිවලට 10 ක් මරුට: 60 ක් රෝහලේ



මෙක්සිකෝ ගම්මානයක, සැණකෙළියක පැවැති ගිනිකෙළි සංදර්ශනයක් අතරතුර සිදුවූ අනතුරකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 60 කට වැඩිය.

මෙම සැණකෙළිය වාර්ෂිකව පැවැත්වෙයි. සැණකෙළියේ දී සිදුවන්නේ පිදුරු පිරවූ ගවයකු නිර්මාණය කර, ඊට ගිනි තැබීමය. ඒ සමගම ගිනි කෙළි සංදර්ශනය ද පැවැත්වෙයි.

මියගිය අය අතරේත්, පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කළ අය අතරේත් කුඩා දරුවන් සහ කාන්තාවන් බොහෝ දෙනකු සිටින බව ද පැවැසෙයි.


RECOMMEND POSTS