මදුරෝට බිරිඳට අලුත් චෝදනා



ඇමෙරිකා අත්අඩංගුවේ පසුවන වෙනිසියුලා හිටපු නායක නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සීලියා ෆ්ලෝරස්ට නව චෝදනා එල්ල වී ඇත. ඒ, මදුරෝ, ජනාධිපතිවරයා ලෙස සිටිද්දී, වෙනිසියුලාවේ දී අත්අඩංගුවට ගැණුනු ඇමෙරිකන් පුරවැසියන්ට අමානුෂික ලෙස වඳ හිංසා කළ බවටය.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි, ඇමෙරිකන් හමුදාවේ ඩෙල්ටා ෆෝස් සෙබළුන් පිරිසක්, වෙනිසියුලාවේ කැරකැස් අගනුවරට රහසේ ගොස්, පහර දී, මදුරෝ (63) සහ බිරිඳ සීලියා (69) කුඳලාගෙන ඇමෙරිකාවට රැගෙන ආවේ ඉකුත් ජනවාරියේය. ඒ, ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි ආයුධ චෝදනා සම්බන්ධයෙනි.


RECOMMEND POSTS