සෞදි ජාතික දිනයට ගුවන් කරණම්

සෞදි ජාතික දිනය නිමිත්තෙන් ගුවන් සංදර්ශන පවත්වන බව වාර්තා වේ.
සෞදි ජාතික දිනය නිමිත්තෙන් රට පුරා පැවැත්වෙන සැමරුම්වල කොටසක් ලෙස, ජෙඩා හි වෙරළබඩ කලාපයේ ගුවන් සංදර්ශන පවත්වන බව සෞදි මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගුවන් සංදර්ශන සෑම දිකම පස්වරු 5.00සිට දිනපතා පැවැත්වීමට සැළසුම් කර ඇති අතර එය සැප්තැම්බර් 20දින සිට දින 3ක් කාලයක් පැවැත් වේ.
වෙරළබඩ තීරයේ සිටින ප්‍රදේශවාසීන්ට සහ සංචාරකයින්ට දින තුනක මනරම් අත්දැකීමක් ලබාගැනීමට අවස්ථාව හිමි වේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ සැමරුම්වලට අදාලව ගුවන් සංදර්ශනය සංවිධානය කරයි.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ජෙඩා නුවර)

