දකුණු කොරියාව සමඟ කිසිදු ඇයිහොඳයිකමක් නෑ

උතුරු කොරියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට පියවර ගන්නා බව දකුණු කොරියානු නව ජනාධිපති ලී ජෙයි මයියැංග් කළ ප්රකාශය, උතුරු කොරියාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.
උතුරු කොරියා නායක කිම් ජොන් උන් වෙනුවෙන්, ඔහුගේ නැගණිය වන කිම් යෝ ජොංග් පවසා ඇත්තේ, දකුණු කොරියාව සමඟ යළි කිසිම ආකාරයකින් ගනුදෙනු ඇති කර ගැනීමේ කැමැත්තක් උතුරු කොරියාවට නොමැති බවය.
නායක කිම් ජොන් උන්ගෙන් පසු උතුරු කොරියාවේ දෙවැනියා ලෙස කටයුතු කරන්නේ කිම් යෝ ජොංග් ය. දකුණු කොරියාව සම්බන්ධයෙන් ඇය මෙම ප්රකාශය කළේ උතුරු කොරියානු ජාතික රූපවාහිනිය ඔස්සේ පෙනී සිටිමිනි.

