ඕස්ට්රේලියාවේ අවුරුදු 16 ට අඩු දරුවන්ට යූ-ටියුබ් තහනම්

ඕස්ට්රේලියා රජය, එරට අවුරුදු 16 ට අඩු දරුවන්ට යූ ටියුබ් සමාජ මාධ්ය තහනම් කිරීමට සූදානම් වෙයි.
එම තහනම යටතේ, නව යොවුන් වියේ දරු දැරියන්ට, යූ ටියුබ් වීඩියෝ සීමාවකට යටත්ව නැරඹීමට හැකිවන නමුත්, ඒවායේ ඇති අන්තර්ගතය උඩුගත කරමින් ඒවා ප්රසිද්ධ කිරීමත්, එම වීඩියෝ හා සම්බන්ධව අන්තර් ක්රියා කිරීමත් හැකි පරිදි ගිණුමක් පවත්වා ගෙන යෑම කළ නොහැකි වනු ඇතැයි පැවැසෙයි.
යූ ටියුබ් පමණක් නොව, මෙම තහංචිය ටික්ටොක්, ඉස්ටග්රෑම්, ෆේස්බුක්, එක්ස් සහ ස්නැප්චැට් යන සමාජ මාධ්ය සඳහා ද වලංගු වනු ඇති බව ඕස්ට්රේලියා රජය පවසා ඇත.
ඕස්ට්රේලියාවේ නීති, ගෝලීය නායකයින් විසින් මහත් උනන්දුවෙන් නිරීක්ෂණය කරනු ලබන අතර, නෝර්වේ ද එවැනිම තහනමක් ප්රකාශයට පත් කර ඇති බවත්, එක්සත් රාජධානියද එය අනුගමනය කිරීමට සලකා බලමින් සිටින බවත් වාර්තා වේ.

