ඉන්දුනීසියා කන්ද පිපිරී ගුවන් ගමන් අඩාල වෙයි



ඉන්දුනීසියාවේ අනැක් ක්‍රැකටෝවා ගිනි කන්ද පුපුරා යෑම සහ අහසට නැගුණු දුම්වලා හේතුවෙන්, ජකාර්තා අගනුවර සුකර්නෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ද ඇතුළු එරට ගුවන් තොටුපොළ 6 ක කටයුතු තාවකාලිකව අත්හිටුවා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත. මේ හේතුව නිසා මගීන් 1,50,000 ක් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දුනීසියාව දූපත් රාජ්‍යයක් වන අතර, එහි ගිනි කඳු බොහොමයකි. අනැක් ක්‍රැකටෝවා යනු ඉන්දුනීසියාවේ ඇති බිහිසුණු ගිනි කන්දකි. ගින් කන්දෙන් නැගෙන දුමාරය කිලෝ මීටර් ගණනාවක් ඈතට විහිදී පැතිරී ගොස් ඇත. ගිනි කන්ද සක්‍රීය වී පුපුරා යෑම ආරම්භ වූයේ පසුගිය සිකුරාදා (4) ය.

ඉන්දුනීසියා මාධ්‍ය වාර්කා කළේ ගුවන් ගමන් 467 ක් අවලංගු කිරීමට සිදුවුණු බවය. ඉන්දුනීසියාවට පැමිණෙන ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළවලට යොමු කෙරුණු බව ද පැවැසෙයි.

ඊට අමතරව ඉන්දුනීසියාවේ පාසල් සහ කාර්යාලවලට නිවාඩු ලබා දී ඇති බවත්, අවදානම් ප්‍රදේශවල ජීවත් වන වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටත් බලධාරීන් පියවරගෙන ඇත. අනැක් ක්‍රැකටෝවා ගිනි කන්ද මීට පර පුපුරා ගියේ 2018 වසරේදීය.


RECOMMEND POSTS