ඉන්දීය විදේශ ඇමැති යුක්රේන ජනාධිපති හමුවෙලා



ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කී අතරේ හමුවක් කීව් අගනුවරදී පැවැත්විණි.

රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන් කළු මුහුදේ ආරක්ෂාව සම්බන්ධයෙන් හටගෙන ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් පමණක් නොව, වෙළෙඳ නාවික ගමනාගමනයට එල්ල වී ඇති තර්ජන පිළිබඳව ද අවධානය යොමු වූ බව පැවැසෙයි. 
ඉන්දීය විදේශ අමාත්‍යවරයා යුක්රේනයේ කීව් අගනුවර බලා ගියේ නියෝජිත කණ්ඩායමක් ද සමගය.

එම හමුවෙන් පසු ‘එක්ස්’ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ කරමින් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පවසා තිබුණේ, රුසියාව යුක්රේනයට එරෙහිව ආරම්භ කළ ‘අසාධාරණ යුද්ධය’ නිමා කිරීම සඳහා ඉන්දියාව දක්වන කැපවීම සහ පැහැදිලි ස්ථාවරය අගය කරන බවය.


RECOMMEND POSTS