සටන් විරාමය උල්ලංගනය කරනව

කොන්දේසි විරහිත සටන් විරාසයකට එකඟ වූවත්, කාම්බෝජය එම සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවට තායිලන්ත හමුදාව චෝදනා කරයි. කෙසේ නමුත් කාම්බෝජය එම චෝදනාව තරයේ ප්රතික්ෂේප කර ඇත.
සටන් විරාමයකට තායිලන්ත සහ කාම්බෝජ නායකයන් එකඟත්වයක් ඇති කර ගැණුනේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරට රැස්වී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය. දේශසීමා ගැටුම් උත්සන්න වෙද්දී, සටන් විරාමයක් සඳහා තායිලන්තය සහ කාම්බෝජය එකඟ කර ගැනීමට මැදිහත් වූයේ ඇමෙරිකාව, චීනය සහ මැලේසියාවය.
ක්වාලාලාම්පූර් නුවර පැවැති සාකච්ඡා සඳහා කාම්බෝජ අග්රාමාත්ය හුන් මනෙත් සහ ඔහුගේ නියෝජිතයෝ ද තායිලන්තයේ වැඩ බලන අග්රාමාත්ය පුම්තාම් වෙචායචායි සහ ඔහුගේ නියෝජිතයෝ ද සහභාගී වූහ. තායිලන්තය සහ කාම්බෝජය අතරේ, සිවු දිනක් පුරා පැවැති අවි ගැටුම්වලින්, 33ක් ජීවිතක්ෂයට පත්වූහ. අවි ගැටුම් ආරම්භ වූයේ පසුගිය 24 වැනිදාය.
ගැටුම් උත්සන්න වෙද්දී, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඊට මැදිහත් විය. ගැටුම් වහා නවත්වන ලෙස ට්රම්ප් තායිලන්තයටත්, කාම්බෝජයටත් තර්ජනය කළේය. එසේ නොකරන්නේ නම්, තීරු බදු සම්බන්ධයෙන් වියට්නාමය සහ කාම්බෝජය සමඟ කිසිදු ගනුදෙනුවක් ඇති කර නොගන්නා බව ද ට්රම්ප් පැවැසීය. එසැණින්, සාකච්ඡා සඳහා යොමු වීමට තායිලන්තය සහ කාම්බෝජ නායකයෝ කැමැත්ත පළ කළහ.

