විපක්ෂ නායක ධුරය කොරීනා මචාඩෝට



වෙනිසියුලාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී, විපක්ෂ නායිකාව ලෙස පසුගිය 2025 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ කොරීනා මචාඩෝ පත් කර ගැනීමට කටයුතු කර ඇත.

නිකලස් මදුරෝ, දීර්ඝ කාලයක් පුරාවට, වෙනිසියුලාවේ ජනාධිපති ධුරය හොබවද්දී, නිල නොවන විපක්ෂ නායිකාව වූයේ කොරීනා මචාඩෝ ය. මදුරෝගේ පාලනය යටතේ, වෙනිසියුලාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් දැඩි ලෙස මර්දනයට ලක් විය. දේශපාලන ක්‍රියාකාරීහු බොහෝ දෙනා බන්ධනාගාරගත කෙරුණි. මචාඩෝ පණ බේරාගෙන විදේශගත විය.

වෙනිසියුලාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී පොදු විපක්ෂ සන්ධානයක් පිහිටුවා ඇති අතර, කැරැකස් අගනුවරදී එම විපක්ෂ සන්ධානයේ විශේෂ හමුවක් පැවැත්විණි. එහිදී සියලු විපක්ෂ කණ්ඩායම් ඒකමතිකව කොරීනා මචාඩෝ, විපක්ෂ නායිකාව ලෙස තෝරාගත් බව පැවැසෙයි. කොරීනා මචාඩෝ ට ඇමෙරිකාවේ සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහාය නොඅඩුව හිමිවෙයි.


RECOMMEND POSTS