වසර 86 ක යුද්ධය අවසන් කිරීමට කොරියාව සූදානම්



දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර තාක්ෂණික වශයෙන් තවමත් අවසන් වී නොමැති කොරියානු යුද්ධය නිල වශයෙන් අවසන් කිරීම සඳහා නැවත වරක් සාකච්ඡා ආරම්භ කිරීමට තමන් යෝජනා කර ඇතැයි දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් පසුගියදා ප්‍රකාශ කළේය.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව වෙන්කෙරෙන යුද මුක්ත කලාපය ආශ්‍රිතව ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා පුළුල් ආරක්ෂක පද්ධතියක් ස්ථාපිත කිරීමටද දකුණු කොරියාව සූදානම් බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

එසේම උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන ප්‍රයෝගිකව අවසන් කිරීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳව එහිදී දකුණු කොරියාව සහ උතුරු කොරියාව සාකච්ඡා කරනු ඇති බවද මියුන්ග් පැවැසුවේය.

දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර 1950 වසරෙදි ඇරැඹී යුද්ධය 1953 වසරේදී සටන් විරාමයක් මත අවසන් වුවත් තවත් සාම ගිවිසුමකට එළැඹීමට දෙපාර්ශ්වයම අපොහොසත් වී ඇත.

ඒ හේතුවෙන් දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර සාමකාමී සහජීවනයක් ඇති කර ගැනීම සඳහා නැවත වතාවක් සාකච්ඡා ආරම්භ කළ යුතු බව දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් එහිදී ප්‍රකාශ කළේය.

ජපාන යටත් විජිත පාලනයෙන් කොරියාව නිදහස් වූ සංවත්සරය නිමිත්තෙන් පැවති උත්සවයකදී ජනාධිපති ලී මේ බව පවසා තිබිණි.


RECOMMEND POSTS