ලතින් ඇමෙරිකාවේ පතලක් කඩා වැටෙයි



ලතින් ඇමෙරිකාවට අයත් කොලොම්බියාවේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටි නීතිවිරෝධී රන් පතලක් කඩා වැටීමෙන් පතල් සේවකයන් 14 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් 7 දෙනකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය බලධාරීන් පවසා ඇති බවය. සැන්ටා බාබරා ද ඉස්කුවාන්දේ නගර සභාවට අයත් චැම්බරෝ නමැති පළාතේ මෙම පතල පිහිටා ඇතැයි ද පැවැසෙයි.


RECOMMEND POSTS