චීන අගමැති ලී කියැංග් උතුරු කොරියාවට යනවා



චීන අග්‍රාමාත්‍ය ලී කියැංග් උතුරු කොරියාවේ සංචාරයකට යෑමට නියමිතය. චීන රජයේ ඉහළ නිලධාරියකු මෙසේ උතුරු කොරියාවට යන්නේ 2019 වසරෙන් පසුවය.

උතුරු කොරියාවේ පාලක පක්ෂයේ  80 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ උත්සවයට, චීන අග්‍රාමාත්‍ය ලී කියැංග් සහභාගී වෙයි.

චීනයත් අසල්වැසි උතුරු කොරියාවත් අතර පවතින්නේ ඉතා සමීප මිත්‍රත්වයකි. එම මිත්‍රත්වය තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, චීන අග්‍රාමාත්‍යවරයා මෙම උතුරු කොරියානු සංචාරය ආරම්භ කරනු ඇත.


RECOMMEND POSTS