තරු මිනිස්සු

ඔබ දන්නවාද? ඇමෙරිකාවේ ආදිවාසීන් නැතිනම් රතු ඉන්දියානුවන්ට පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් යනු අරුමයක් නොවෙයි. ඔවුන් පවසන්නේ, පියාඹන පීරිසි සහ පිටසක්වළයන් යන වදන් ඔවුන්ගේ ඉපැරණි සංස්කෘතියට අයත් නොමැති බවය.
රතු ඉන්දියානුවන් පිටසක්වළයන් හඳුන්වන්නේ ‘ස්ටාර් පීපල්’ (Star People) නැතිනම් ‘ස්කයි පීපල්’ (Sky People) යනුවෙනි. වර්තමානයේ බටහිර විද්‍යාඥයන්, නවීන විද්‍යාවට අනුව, පිටසක්වළ ජීවීන් සම්බන්ධයෙන් නොයෙක් නොයෙක් ලෙස අර්ථ නිරූපණය කළත්, රතු ඉන්දියානුවන්ට අනුව, පිටසක්වළයන් යනු වසර දහස් ගණනක් තිස්සේ පෘථිවියට යන එන තම නෑදෑයන් සහ ආදී මුතුන්මිත්තන් ය.

