අඟහරු සතා



නාසා ආයතනයේ කියුරියෝසිටි (Curiosity) සහ 'පර්සිවරන්ස්' (Perseverance) රෝවර් යානා 
අඟහරු ග්‍රහයා ගවේෂණය කරමින් සිටී. ඒ, අඟහරු හෙවත් රතු ග්‍රහයා මතුපිට එහාමෙහා යමිනි. මෙම රෝවර් යානාවලට කැමරා සම්බන්ධය. ඒවායින් වීඩියෝ දසුන් සහ ඡායාරූප නිරන්තරයෙන් නාසා විද්‍යාඥයන් අතට පත් වෙයි.

එසේ ලැබෙන වීඩියෝ සහ ඡායාරූපවල අමුතු අමුතු හැඩයන් දකින්න ලැබේ. මිනිස් හිස් කබලකට වස්තුවක්, කලවා අස්ථියක් වැනි වස්තුවක්, බිම්මල් වැනි දෙයක් සහ ජ්‍යාමිතික හැඩැති ව්‍යුහයන් එසේ එවූ වීඩියෝ දසුන්වල සහ ඡායාරූපවල දකින්න ලැබේ. ඒවා අඟහරු මත බහුලව ඇති අමුතු හැඩැති පාෂාණ බවට තහවුරු වී අවසන්ය.

කෙසේ නමුත් පසුගිය දා කියුරියෝසිටි රෝවර් රෝවර් යානයේ කැමරාවේ සටහන් වුණු එක් අසාමාන්‍ය වස්තුවක් විද්‍යාඥයන් මවිත කිරීමට සමත් වී ඇත. කියුරියෝසිටි රෝවර් යානාවේ කැමරාවට හසුවූ මෙම රූපයේ වම්පස අන්තයට වන්නට දිස්වන්නේ කිසිසේත්ම පාෂාණයකට සමාන කළ නොහැකි අඳුරු සෙවනැල්ලකි. බැලූ බැල්මට එය අහසේ පාවෙන ජෙලිෆිෂ් සත්වයකු වැනිය. පහළට විහිදුණු අඬු දකින්න ලැබේ. විද්‍යාඥයන්ට මෛය කුමක්දැයි තවමත් පැහැදිලි කිරීමට හැකියාව ලැබී නැත.

පිටසක්වළ ජීවීන් ගැන විශ්වාසය කරන බොහෝ දෙනාට මෙම අඳුරු සෙවනැල්ල විද්‍යා ප්‍රබන්ධ නවකතාකරු එච්.ජී. වේල්ස්ගේ සුප්‍රකට 'වෝ ඕෆ් ද වර්ල්ඩ්ස්' (War of the Worlds) කතාවේ සහ ඒ ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපට සහ රූපවාහිනී කතාවල දකින්න ලැබෙන පෘථිවිය ආක්‍රමණයට පැමිණෙන පිටසක්වළයන් සිහිගන්වයි.

 


RECOMMEND POSTS