’ලයිසියම්’ උසස් අධ්‍යාපනයට පියවර



ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහය සිය 29 වසරක අධ්‍යාපන ගමන් මගේ තවත් පරිච්ඡේදයක් ආරම්භ කරමින් ලයිසියම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය  සමාරම්භක උළෙල පසුගියදා පැවැත්විණ.

" ද ලයිසියම් කැම්පස්" එළි දැක්වීම ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර ඔස්ට්‍රේලියාවේ ඩයිකන් විශ්වවිද්‍යාලයේ උපකුලපති  ජෝන් මොලනි, ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ නිර්මාතෘ හා ලයිසියම් කැම්පස් උප සභාපති ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු, ලයිසියම් කැම්පස් සභාපති ආචාර්ය මොහාන් ද සිල්වා යන මහත්ම ඩයිකන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර නිලධාරිනි බ්‍රයි ගුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ ක්ෂේත්‍ර රැසක ප්‍රවීනයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සමාරම්භක උළෙල පැවැත්විණ.

මෙම අවස්ථාවට ලයිසියම් නිර්මාතෘ ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරෝ, සම්බන්ධීකරණ විදුහල්පතිනි ආචාර්ය කුමාරි ග්‍රේරෝ, ලයිසියම් ආයතනයේ අධ්‍යක්ෂක නිඛිත ග්‍රේරෝ යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

මෙහිදී අදහස් දැක්වූ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා " වසර 75 කට අධික ශ්‍රී ලංකා හා ඔස්ට්‍රේලියානු ද්විපාර්ශවීය සබදතා මත වර්තමාන වන විට දෙරටට අන්තර් ජාතික අධ්‍යාපන සංස්කෘතියක් නිර්මාණය කිරීමට හැකි වී ඇති බවත්, අනාගතයේ ලයිසියම් විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රියාවලිය තුළින් රැකියා සදහා සුදුසු වෘත්තිකයන් බිහිවනු ඇතැයි තමා බලාපොරොත්තුව සිටින බව ප්‍රකාශ කර සිටියේය.

සමාරම්භක උළෙලේ දී ලයිසියම් ආදි සිසුන් ඉදිරිපත් කළ නිර්මාණාත්මක දේශීය සංගීත නව නිර්මාණය සියලු දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් විය.


RECOMMEND POSTS