ශ්‍රී ලංකා මුද්‍රණ හා වෙළෙඳ ප්‍රදර්ශනය 2023



ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය සංවිධානය කරන ශ්‍රී ලංකා මුද්‍රණ හා වෙළෙඳ ප්‍රදර්ශනය 2023 නිල වශයෙන් දියත් කිරීමේ උත්සවය පසුගිය 18 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ නෙලුම් ශාලාවේදී පැවැත්විණ.

මෙම  අවස්ථාවට ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ වත්මන් සභාපති අනිල් කාරියවසම් මහතා, හිටපු සභාපති පීටර් ඩෙකර්, පළමු උප සභාපති ජනක රත්නකුමාර, දෙවන උප සභාපති නිශාන්ත පෙරේරා, මහ ලේකම් එම්.සෙන්තිල්නාදන්, භාණ්ඩාගාරික උදය හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.

මෙවර  ශ්‍රී ලංකා මුද්‍රණ හා වෙළෙඳ ප්‍රදර්ශනය 2023 සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය කොනිකා මිනොල්ටා සමාගම සපයන අතර ප්ලැටිනම් අනුග්‍රාහකත්වය කේ.ඩබ්ලිව්.ඕ. ප්‍රින්ටින් නීඩ්ස් සපයනු ලබයි.

එසේම මෙවර ප්‍රදර්ශනය සඳහා රන් අනුග්‍රාහකත්වය ඇඩ්වාන්ස් ප්‍රින්ටින් ටෙක්නොලජීස්, ජේ.ඩී.සී.  ප්‍රින්ටින් ටෙක්නොලොජීස් සහ මෙට්‍රොපොලිටන් ටෙක්නොලොජීස් යන සමාගම් සපයයි.

එසේම මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම සහ එක්ස්ප්‍රස් පුවත්පත් සමාගම සපයනු ලබයි.

මෙවර ශ්‍රී ලංකා මුද්‍රණ හා වෙළෙඳ ප්‍රදර්ශනය 2023 එළඹෙන ඔක්තෝබර් මස 26 වැනිදා සිට 28 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි  පැවැත්වීමට නියමිත අතර කොවිඞ් වසංගතය හේතුවෙන් වසර 3  ක කාලයක් නවතා දමා තිබූ මුද්‍රණ සහ ඇසුරුම් සම්මාන උළෙල එළඹෙන ඔක්තෝබර් මස 27 වැනිදා මරීනෝ බීච් හෝටලයේදී පැවැත්වීමට නියමිතව ඇත.


RECOMMEND POSTS