40 ඇඳිරිය රිවස් කරන සෛලය
හතලිස් ඇදිරිය ලබද්දී අපි කාගේ කාගේත් ඇස් ස්වභාවිකව දුර්වල වෙයි. මෙය සාමාන්‍ය තත්ත්වයකි. දැන් ඇස් පෙනීම නැවත ඇති කළ හැකි නව අක්ෂි සෛල විශේෂයක් සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව සිටිති. මේක ඇත්තටම හරි අපූරු සොයා ගැනීමක් බව සැකයක් නැත. කෙසේ නමුත් මෙය තවමත් ඇත්තේ පර්යේෂණ මට්ටමේය. විද්‍යාඥයන් මෙම සොයා ගැනීම කර ඇත්තේ, මීයන් යොදා ගනිමින් පර්යේෂණ කරමිනි.
මේ පිළිබඳව ඔවුන් පළ කළ නව විද්‍යාත්මක අධ්‍යයනයකින් මේ බව හෙළිදරවු කර ඇත. මිනිස් ඇසේ මින් පෙර නුදුටු මූල සෛල වර්ගයක් මීයන් තුළින් හඳුනාගෙන ඇති බවත් ඒ මගින් මීයන්ගේ නැති වි ගිය පෙනීම නැවත ඇති කළ හැකි බවත් එයින් කියැවේ. එහෙත්, මෙම ප්‍රතිකාරය මිනිසුන්ට යෙදවීමට තවදුරටත් පර්යේෂණ කළ යුතුව තිබේ.
විද්‍යාඥයන් මිනිස් ඇස තුළ මින් පෙර දැක නොමැති සෛල වර්ගයක් හඳුනාගෙන ඇති අතර, එය හතළිස් ඇඳිරිය වැනි පොදු අක්ෂිරෝගයන්ගෙන් සිදුවන දෘෂ්ටිය අහිමි වීම නැවත ප්‍රකෘතිමත් කිරීමට උපකාරී විය හැකි බව පෙන්වා දී ඇත. ගවේෂකයින් මෙම සෛල හඳුනා ගෙන ඇත්තේ ඇසෙහි පසුපසින් පිහිටි ආලෝක සංවේදී ව්‍යුහයක ඇති පටලයක් තුළය. එම සෛල හඳුනාගෙන ඇත්තේ භ්‍රෑණයක පටක ආධාරයෙන් ලබාගත් නියැදි සාම්පලවලිනි.
ඊට අමතරව, විද්‍යාඥයින් රසායනාගාර තුළ නිර්මාණය කළ මිනිස් අක්ෂි පටලවල ප්‍රයෝගික ආකෘති තුළද මෙම සෛල හඳුනාගෙන ඇත. ඒ ආකෘති පොදු අක්ෂි රෝගයකින් පෙළෙන මීයන් තුළ ප්‍රතිරෝපණය කළ විට ඔවුන්ගේ දෘෂ්ටිය යළි ලැබී ඇති බව තහවුරු වී තිබේ.
"මෙම ගවේෂණය පටක ජීව විද්‍යාව පිළිබඳව අපගේ අවබෝධය වැඩි කරන අතරම, දෘෂ්ටිවිතානයේ පටක විනාශ වීමේ රෝග සඳහා නව ප්‍රතිකාර ක්‍රමවේදයක් සකසා ගැනීමට හැකි බව පෙන්වා දෙන අතර මෙය ඒ අතින් තැබූ සුවිශේෂ පියවරක් ලෙස සැලකිය හැකියි” යනුවෙන් ගවේෂකයන් අන්තර්ජාලයේ පළ වන සයන්ස් ට්‍රාන්ස්ලේෂනල් මෙඩිසින් ජර්නලයේ පළ කළ ලිපියක සඳහන් කර තිබේ.
දැනට පවතින ප්‍රතිකාර මූලිකවම අක්ෂිපටලවල සෛල විනාශ වීමේ වේගය අඩු කරන හෝ ඒවා ආරක්ෂා කරන ආකාරයේ ඒවාය. එහෙත්, අක්ෂිපටලය ප්‍රකෘතිමත් කළ හැකි ප්‍රතිකාර මෙතෙක් සොයාගෙන නොමැත. මේ රෝගී තත්වයන්ට විසඳුමක් ලෙස, විනාශ වී ඇති සෛල, කඳ සෛල හෙවත් මූල සෛල මගින් ප්‍රකෘතිමත් කිරීමක් මේ නව ක්‍රමය යටතේ යෝජිතය. මූල සෛල යනු නිසි තත්වයන් යටතේ ශරීරයේ ඕනෑම සෛල වර්ගයකට පරිවර්තනය විය හැකි සෛල වේ. එහෙත්, මේ දක්වා විද්‍යාඥයන් මිනිස් අක්ෂිපටල තුළ මෙවැනි සුදුසු මූල සෛල සොයාගෙන නොතිබුණි.
ලයිව් සයන්ස් ඇසුරිනි