සංචාරකයන්ගේ ආරක්ෂාව අතින් ඕමානය ලොව හොඳම රටවල් 10 අතරට
ලෝක ආර්ථික සමුළුවේ නවතම සංචාරක වාර්තා අනුව ඕමානය ලොව හොඳම ආරක්ෂිත රටවල් අතරින් නව වැනි ස්ථානය හිමි කරගැනීමට සමත්ව ඇත.
ෆින්ලන්තය ගෝලීය ලැයිස්තුවේ ප්රමුඛයා බවට පත්ව ඇති අතර, ඊළඟ ස්ථාන හිමිකර ගත්තේ කටාර් සහ එක්සත් අරාබි එමිරේට් යන රටවල්ය.
අයිස්ලන්තය සහ ඔස්ට්රියාව මුල් පස් දෙනා අතර රැදීමට සමත්ව ඇත.
මෙම වාර්තාව සැකසීමේදි මූලිකවම සැලකිල්ලට භාජනය කර ඇත්තේ අපරාධ, ප්රචණ්ඩත්වය, ත්රස්තවාදය, විශ්වසනීය පොලිස් සේවය සහ අපරාධවලින් ඇති සුරක්ෂිත භාවය යන කරුණුය.
පුදුමයට කරුණනම්, එක්සත් රාජධානිය 63 වැනි ස්ථානයට පැමිණට හැකියාව උදාකරගෙන තිබීමත්, ඇමරිකා එක්සත් ජනපදය 73 ස්ථානය දක්වා තවදුරටත් පිටුපසට ගමන් කිරීමත්ය.
මෙම සමීක්ෂණයට අනුව පහළම ස්ථානය නයිජීරියාවට හිමිවන අතර, පහළ මට්ටමේ ඇති අනිකුත් රටවල් වන්නේ කොලොම්බියාව, යේමනය, පාකිස්තානය හා වෙනිසියුලාවයි.
විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණ වන්නේ රටවල් ගනනාවක් වන, ඇෆ්ගනිස්තානය, ඉරාකය, යුක්රේනය, ලිබියාව සහ උතුරු කොරියාව යන රටවල් මෙහි සදහන්ව නොතිබීමයි.