‘සීකා’ මැලේසියාවටත් යයි



 

 

(ක්වාලාලාම්පූර්)

මැලේසියාවෙන්  සීකා’ වයිරසය ආසාදිත රෝගියකු හමුවුණු බව එරට සෞඛ්‍ය බලධාරීහු ඊයේ (1) අනාවරණය කළහ.

මැලේසියාවෙන්ිසීකා’ ආසාදනය වුණු පළමු අවස්ථාව මෙය වෙයි. සීකා’ උණ වයිරසය ආසාදනය වී ඇත්තේ මැලේසියානු ජාතික කාන්තාවකටය. මැය මීට දින තුනකට පෙර සිංගප්පූරුවේ සිට පැමිණි තැනැත්තියක යැයි සෞඛ්‍ය ඇමැති සුබ්‍රමනියම් සතසිවම් පවසා ඇත.

මදුරුවන්ගෙන් බෝ වන සීකා වයිරසය සිංගප්පූරුවේ පැතිර යයි. සිංගප්පූරු සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ එරට රෝහල්වල ප්‍රතිකාර ලබන සීකා රෝගීන්ගේ ගණන 41 තෙක් ඉහළ ගොස් ඇතැයි කියාය.

මේ වනවිට සිංගප්පූරුවේ සිටින ඉන්දියානුවන් පස් දෙනකුට ද සීකා උණ වයිරසය ආසාදනය වී ඇතැයි පැවැසෙයිග ඔවුන් සිංගප්පූරුවේ රෝහල්වල ප්‍රතිකාර ගන්නා බව ඉන්දීය රජය ද තහවුරු කර ඇත.

මේ අතර සීකා’ උණ වයිරසය හේතුවෙන් සිංගප්පූරුවේ සංචාරයෙන් වළකින්නැයි ඕස්ට්රේලියාව,තායිවානය සහ දකුණු කොරියාව ද අනතුරු අඟවා ඇත. චීනයෙන් සහ හොංකොං රාජ්‍යයෙන් ද සීකා උණ රෝගීන් හමුවී ඇතැයි වාර්තා වේ. චීන බලධාරීන් පවසන්නේ සිංගප්පූරුවේ සිටින තම වැසියන් 21 දෙනකුට සීකා ආසාදනය වී ඇති බවය.

සීකා උණ වයිරසය සිංගප්පූරුවට පැමිණෙන්නට ඇත්තේ ලතින් ඇමෙරිකාවේ සීකා වයිසරය බහුලව පැතිර යන රටක සිට පැමිණි තැනැත්තකුගෙන් යැයි සැක කෙරේ. සීකා ලිංගිකව බෝ වන බව ද සොයා ගෙන තිබේ.

සීකා බෝ කරන ඒඩිස් ඊජිප්ටායි වැනි ඒඩිස් මදුරුවන් සිංගප්පූරුවේ බහුලය. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ පළමු සීකා උණ රෝගියාට මදුරුවන් දෂ්ට කරන්න ඇති බවත් ඉන්පසු එම මදුරුවන්ගෙන් උණ පැතිර යන්න ඇති බවත්ය.


RECOMMEND POSTS