ළඟ පෙනීම වැඩි කරන බෙහෙතක්

ළඟ පෙනීම දුර්වල වීම වෛද්‍යවරුන් හඳුන්වන්නේ ප්‍රෙස්බියෝපියා presbyopia යන නමිනි. 40 ඇඳිරිය ලබද්දී වැඩිහිටියන්ටත්, 40 ඇඳිරියට පෙර තරුණ තරුණියන්ටත් ළඟ පෙනීමේ ගැටලු මතුවෙයි. එම ගැටලු මඟ හරවා ගැනීමට කණ්ණාඩි පැලඳීම කළ යුතුය.
දැන් ප්‍රෙස්බියෝපියා තත්වයෙන් පීඩා විඳින පුද්ගලයන් වෙනුවෙන්, ඇස් බෙහෙතක් නිපදවීමට ඇමෙරිකන් විද්‍යාඥයන් සමත් වී සිටින අතර, එය භාවිතයට සුදුසු සහ ආරක්ෂිත යැයි ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ අවසරය හිමිවී ඇත. සායනික පර්යේෂණවලින් පසු නව ඖෂධ සඳහා අනුමැතිය ලබා දෙන්නේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරියයි.
විස් VIZZ නමැති මේ ඇස් බෙහෙත, කියවීම් කණ්ණාඩි (Reading Glasses) අවශ්‍යතාවයකින් තොරව ළඟ ඇති දෑ පැහැදිලිව දැකීම වැඩි දියුණු කළ හැකි බව අක්ෂි වෛද්‍යවරු පවසයි. VIZZ නිෂ්පාදනය කර තිබෙන්නේ LENZ Therapeutics ආයතනයයි.
මෙම බෙහෙත හරහා සිදුවන්නේ, ක්‍රියා කරන්නේ ඇසේ අයිරිස් මාංශ පේශි (Iris Sphincter Muscle) මෘදුව සංකෝචනය කිරීමය. ළඟ ඇති දේ වඩා පැහැදිලි කර පෙනීමට සැලැස්වීම එවිට සිදුවෙයි. මෙම බෙහෙත භාවිතයට ගනිද්දී දුර පෙනීම හෝ වෙනත් දෘෂ්‍යාබාධ තත්වයන් ද මඟ හැරෙන බව සායනික පර්යේෂණවලින් තහවුරු වී ඇති බව ද පැවැසෙයි. බෙහෙත විනාඩි 30 ක් ඇතුළත ක්‍රියාත්මක වන අතර, එහි බලපෑම පැය 10 ක් පවතී. ඒක බිංදුවකින් බිංදුවකින් දවස පුරා පැහැදිලි ළඟ පෙනීමක් දෙයි.
LENZ ආයතනයට අනුව, ඇමෙරිකාවේ වැඩිහිටි ජනගහනයෙන් මිලියන 128 කට අධික පිරිසක් presbyopia තත්ත්වයෙන් පීඩා විඳිති. VIZZ ඇස් බෙහෙතට මෙසේ අනුමැතිය හිමිවීම අක්ෂි ප්‍රතිකාර ක්ෂේත්‍රයේ ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකි බව ඇමෙරිකන් අක්ෂි වෛද්‍යවරුන්ගේ ද අදහසය.
Live Science ඇසුරිනි

