සෞදි යන්න එපා: ඇමෙරිකානුවන්ට අනතුරු



හූති සටන්කාමීන්ගේ ප්‍රහාර හේතුවෙන් සෞදියට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකාව, එරට වැසියන්ට අනතුරු අගවා ඇත. ඊට අමතරව, සෞදියේ සිටින වැසියන්ට ආරක්ෂිතව සිටින ලෙසත්, නිරන්තරයෙන් සෞදි ආරක්ෂක අංශ ලබා දෙන උපදෙස් පිළිපඳින ලෙසත් දන්වා ඇත.

ඇමෙරිකාව පමණක් නොව, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් ද තම වැසියන්ට දන්වා ඇත්තේ සෞදියේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙසය. අත්‍යාවශ්‍ය රාජකාරියකට සෞදියේ සංචාරය කරන්නේ නම් දැඩි විමසිල්ලෙන් පසුවන්නැයි ද දැනුම් දී ඇත.

යේමනයේ හූති සටන්කාමීන්ගේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන්, සෞදි අරාබියේ බටහිර කලාපයේ හටගෙන ඇති හදිසි තත්ත්වයක් සැලකිල්ලට ගනිමින්, එහි වෙසෙන ශ්‍රී ලංකා පුරවැසියන් දැඩි අවධානයෙන් මෙන්ම ආරක්ෂාවෙන් පසුවන්නැයි ජෙඩා ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විශේෂ හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.


RECOMMEND POSTS