සෞදි හමුදාවට පාකිස්තානයේ සහාය



යේමනයේ ඉරාන හිතවාදී ‘හූති’ ෂියා මුස්ලිම් සටන්කාමීන්ට එරෙහි සටනේදී, සෞදි හමුදාවට පාකිස්තානයේ සහාය හිමිවනු ඇතැයි පැවැසෙයි. ඒ, පළමු වරටය.

පාකිස්තානය පමණක් නොව, පාකිස්තානය සේම, ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකයකු වන තුර්කිය ද හූති සටන්කාමීන්ට එරෙහි සටනේ දී, සෞදියට සහාය පළ කරනු ඇතැයි පැවැසෙයි.

පාකිස්තාන සහ තුර්කිය සෞදිය සමග අවබෝධතා ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා ඇත. එම ගිවිසුමට අනුව, යුද්ධමය තත්ත්වයකදී හෝ ආරක්ෂාව සෞදිය කැඳවීමක් කරන ඕනෑම මොහොතක, සෞදියේ සහායට පාකිස්තානය සහ තුර්කිය ඉදිරිපත් විය යුතුය. ගිවිසුමට අනුව, පාකිස්තානය සහ තුර්කිය සහ තුර්කියට අවශ්‍ය ඕනෑම හදිසි අවස්ථාවක සෞදිය පෙරළා සහායට පැමිණෙනු ඇත.

සෞදිය, තුර්කිය සහ පාකිස්තානය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම සැලකෙන්නේ ‘මක්කම ආරක්ෂක ගිවිසුම’ යනුවෙනි. සෞදිය පාකිස්තාන සහ තුර්කි හමුදාවේ සහාය ඉල්ලා ඇත්තේ, හූති ෂියා මුස්ලිම් සටන්කාමීන්ගේ ප්‍රහාර, මේ වනවිට තීව්‍ර වී ඇති බැවිනි. 

සෞදියේ මක්කම සහ මදීනා ශුද්ධ වූ නගරවලට පසුගිය දිනවල හූති සටන්කාමීන්ගෙන් මිසයිල ප්‍රහාර එල්ල විය. කෙසේ නමුත්, එම මියසිල උඩු ගුවනේදී ම විනාශ කිරීමට සෞදි හමුදා සමත් විය. මක්කම සහ මදීනා යන ශුද්ධ නගරවලට දිගිටම පහර දෙනවා යැයි ෂියා මුස්ලිම් හූති සටන්කාමීන් අනතුරු අගවා ඇත. 

නේටෝ සංවිධානයේ දෙවැනි විශාලතම හමුදාව සහිත රට තුර්කියයි. න්‍යෂ්ටිකන අවිවලින් සන්නද්ධ රටක් වන්නේ පාකිස්තානයයි. ‘මක්කම ආරක්ෂක ගිවිසුම’ හරහා තුර්කිය සහ පාකිස්තානය 

ඉස්ලාමීය ලෝකයේ එකම න්‍යෂ්ටික අවි දරණ රාජ්‍යය වන සෞදි අරාබිය සමග අත්වැල් බැඳ ගැනීම සුවිශේෂී සිද්ධියකි. ‘මක්කම ආරක්ෂක ගිවිසුම’ සඳහා මූලික අඩිතාලම දමා ඇත්තේ ඇමෙරිකාව යැයි පැවැසෙයි.

සෞදි, පාකිස්තාන සහ තුර්කි නියෝජිතයන් අතරේ හදිසි විශේෂ හමුවක් ඊයේ (5) රියාද් නුවරදී පැවැත්විණි. සෞදි රාජධානියේ ආරක්ෂාවට සහ භෞමික අඛණ්ඩතාවට එල්ල වන ඕනෑම ප්‍රහාරයක් හෝ තර්ජනයක් පැහැදිලිව ප්‍රතික්ෂේප කරන බව තුර්කිය සහ පාකිස්තානය එහිදී අවධාරණය කළේය.


RECOMMEND POSTS