සවුදියට එල්ල වුණු ප්‍රහාරය හෙළා දකී



සවුදි අරාබියේ සිවිල් ජනාවාස ඉලක්ක කරගනිමින් යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම අඛණ්ඩව එල්ල කරන ප්‍රහාර, කුවේතය, එජිප්තුව සහ මුස්ලිම් ලෝක ලීගය විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ.

සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාවට මෙන්ම ප්‍රධාන සාගරික ප්‍රවාහන මාර්ගවලට මෙලෙස තර්ජන එල්ල වීම සම්බන්ධයෙන් කලාපීය වශයෙන් දැඩි කංසාවක් මතුව ඇත.

සවුදි රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළ පරිදි, බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා යොදාගනිමින් ඛමීස් මුෂායිත්, අබ්හා සහ තායිෆ් යන ප්‍රදේශවල සිවිල් ඉලක්ක වෙත එල්ල වූ ප්‍රහාරයන් කුවේතයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. මෙම ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් කිහිපදෙනෙකු තුවාල ලබා නිවාස හා වාහන සඳහා හානි සිදු විය.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කුවේතය පෙන්වා දෙන්නේ, මෙම ප්‍රහාරයන් සවුදි අරාබියේ සෛරීභාවය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් මෙන්ම ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර මානුෂවාදී නීති බලප්‍රකාශිතව කඩකිරීමක් බවය.


RECOMMEND POSTS