වැඩි සතුට හදවතට හොඳ නෑ

සතුටෙන් සහ ප්‍රීතියෙන් සිටීම මානසික මෙන්ම කායික සුවයට හේතුවක් බව අපේ පිළිගැනීමය. එසේ වුවත්, මොන දේත් ඕනෑවට වඩා ඕනෑ නැහැ කියන කතාව සනාථ කරමින්, අනවශ්‍ය සතුට හදවතට ඔරොත්තු නොදෙන බව බටහිර විද්‍යාඥයෝ පවසති.
අධික සතුට නිසා හදවත ලෙඩ කරන මෙම තත්ත්වය විද්‍යාඥයන් හදුන්වා දෙන්නේ ‘හැපී හාර්ට් සින්ඩ්‍රෝම්’ (Happy Heart Syndrome) යනුවෙනි.
සංකීර්ණව කීවොත්, අධික ලෙස ධනාත්මක වීමේ ප්‍රතිඵලයක් නිසා මෙම තත්ත්වය උදා වෙයි. දුක මෙන්ම, සතුට දරා ගන්න බැරිව සිදුවන මරණ ගැන ද අපට අසන්න ලැබී තිබේ.
අනපේක්ෂිත ආකාරයට ලොතරැයි දිනුමක් හිමිවීම, ඇදහිය නොහැකි සුබ ආරංචියක් දැන ගන්න ලැබීම, ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් සැමරීම වැනි අත්දැකීම්වලට මුහුණ දෙද්දී, සිරුරේ හොමෝන මුදා හැරීම සිදුවන්නේ ක්ෂණිකවය. වෛද්‍යවරුන්ට ද අනුව මෙය හොඳ දෙයක් නොවෙයි.
මෙම හෝමෝන හෘද පේශි අකර්මණය කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස හෘදයාබාධයක් වැනි තත්ත්වයක් ඇති වෙයි. පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතා සහ අසාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ ප්‍රතිඵලින් සොයා ගත හැකි නමුත්, කිරීටක ධමනිවල අවහිරතා සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණවලින් දැනගන්න ලැබෙන්නේ නැත.
දැනටමත් හෘදයාබාධ හෝ ඇරිද්මියාව (arrhythmias) වැනි හෘදයේ රිද්මයේ වෙනස්වීම් ඇති වීමේ තත්ත්වයන්ට මුහුණ පා සිටින කෙනකුට නම් හැපි හාට් සින්ඩ්‍රෝමය දරුණු විය හැකිය. හැපි හාට් බොහෝ විට වයස අවුරුදු 50ට වැඩි කාන්තාවන් අතර බහුල බව ඉටහිර වෛද්‍යවරුන්ගේ මතයයි. නමුත් එය ඕනෑම අයකුට බලපෑ හැකි තත්ත්වයක් බව පැවැසෙයි.
ඩේලිමේල් ඇසුරිනි.

