කොරෝනා වයිරසය හදවත ලෙඩ කරනවා



සිරුර පුරා රුධිරය පොම්ප කරන්නේ හදවතයි. ජීවයේ ආරම්භය සිදුවන්නේ හදවත නිර්මාණයෙනි. අවසන් වන්නේ හදවත අක්‍රිය වීමෙනි.

හෘදයාබාධයකදී හදවත අක්‍රිය වීම හෝ හානිවීම සිදුවෙයි. අද ලොවට වසංගතයක් වූ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ සංකූලතාවක් ලෙස හදවතට එල්ල වන බලපෑම හෘදයාබාධයකට සමාන යැයි බ්‍රිතාන්‍ය සහ ජර්මන් වෛද්‍යවරු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ‘ද සන්’ පුවත් වෙබ් අඩවියේ පළ කර තිබේ. ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයාය. කොරෝනා යනු සතුන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී, පසුව මනුෂ්‍යයන් අතරේ විකෘති වී පැතිරෙන වයිරසයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල නාමයට අනුව ‘කොවිඞ් 19’ ලෙස නම් කළත්, මෙම කොරෝනා වයිරසය දශක ගණනක් තිස්සේ සෙසු කොරෝනා වයිරස සේම, වවුලන්ගේ සිරුරේ දකින්න ලැබුණු බව මේ වනවිට ජගත් විද්‍යාඥයන් තහවුරු කර තිබේ.

ආසියානු රටවල මරණ අඩු වුවත්, බි්‍රතාන්‍ය ඇතුළු බටහිර රටවල නව කොරෝනා වයිරස මරණ ඉහළ ගියේය. කොරෝනා ආසාදනය වූ බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් සියයට 65 ක් (අවුරුදු 55 ට වැඩි) කොරෝනා වයිරසයෙන් මිදෙද්දී, හදවත් රෝගීන් බවට පත් වී අවසන් යැයි පැවැසෙයි. ජර්මනියේ හදවත් රෝගීන් වූ ගණන සියයට 78 කි.

‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS