ඇස්ප්‍රින්වලට වඩා හොඳ බෙහෙතක්



හෘදයාබාධ සහ ආඝාත වළක්වා ගැනීමට වෛද්‍යවරුන් බහුලව නිර්දේශ කරන්නේ ඇස්ප්‍රින්ය. ඇස්ප්‍රින් යනු දිවි රකින ඖෂධයකි. ඒත් දැන්, ඇස්පිරින්වලටත් වඩා උසස් ඖෂධයක් සොයාගෙන ඇති බවත්, මෙය වෛද්‍ය ලෝකයෙහ් නව පෙරැළියක් සිදුවනු ඇති බවත් පැවැසෙයි.

දශක ගණනාවක් තිස්සේ බරපතල ආකාරයේ හෘද රෝගී තත්වයන් අත්විඳීමේ අවදානම අවම කිරීම සඳහා මිලියන ගණනකට පිහිට වූයේ ඇස්ප්‍රින් බව අමුතුවෙන් කිව යුතු නැත. දිනපතා අඩු මාත්‍රාවකින් ඇස්ප්‍රින් ඖෂධය ලබා ගැනීමට වෛද්‍යවරුන් උපදෙස් දෙන්නේ රුධිරයේ ඇති ඝනකම අඩු කිරීමටය. එය හෘදයාබාධ සහ ආඝාත වැළැක්වීමට උපකාරී වෙයි.

වෛද්‍යවරුන් දැන් පවසන්නේ, ඇස්ප්‍රින්වලට වඩා, රුධිරය තුනී කරන ක්ලෝපිඩොග්‍රල් (clopidogrel) ඖෂධය වඩා ඵලදායී බවය. ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර, පැවති යුරෝපීය හෘද රෝග විද්‍යා සංගමයේ සමුළුවේ දී මේ බවව ලොවට අනාවරණය කෙරුණි. 

ක්ලෝපිඩොග්‍රල් ඖෂධයේ සාර්ථකත්වය සම්බන්ධයෙන්, ඇමෙරිකාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය සහ ජපානය යන රටවල වෛද්‍ය පර්යේෂකයන් පර්යේෂණ සිදු කර ඇත. ඔවුන්ගේ අදහස වන්නේ, ක්ලෝපිඩොග්‍රල් (clopidogrel) ඇස්පිරින්ට වඩා උසස් බවය.
 
ඩේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS