හිස්බුල්ලා නායක හසරැල්ලා මරා දැමේ



ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත. 

ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ බීරූට් අගනුවර ඉලක්කයකට ප්‍රහාර එල්ල කළේය. හසන් නසරැල්ලා මියගොස් ඇත්තේ එම ප්‍රහාරයෙනි.

ඊශ්‍රායලය පසුගිය කාලයේ එල්ල කළ ප්‍රහාරවලින් හිස්බුල්ලා සටන්කාමී සංවිධානයේ නායකයන් බොහෝ දෙනකු ඝාතනය කළත්, නසරැල්ලා ඝාතනය කිරීම එසේ මෙසේ සිදුවීමක් නොවනු ඇති බවත්, මෙය මහා යුද්ධයක පෙර නිමිත්තක් බවත් ජගත් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

හසන් නසරැල්ලා 1960 වසරේ දී බීරූට් අගනුවර, බොරූජ් හැමෝද් පළාතේ උපත ලබා ඇත. නස්රල්ලාගේ පවුලේ 9 දෙනෙකි. වැඩිමලා හසන් නසරැල්ලා ය.   

ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සමඟ ගැටුම් ඇති කරගෙන ඇත්තේ, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සමඟ ගෙන යන යුද්ධයේ දිගුවක් ලෙසය. හමාස් සටන්කාමීන්ට හිස්බුල්ලා සංවිධානයේ සහාය නොඅඩුව හිමිවෙයි.

හිස්බුල්ලා සංවිධානය, දේශපාලනික අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය. ඊශ්‍රායලය සමඟ ගැටෙන්නේ හිස්බුල්ලා සන්නද්ධ අංශයයි. ‘හිස්බුල්ලා’ යනු අරාබි බසින්, ‘දෙවියන්ගේ කණ්ඩායම’ යන අර්ථයයි.


RECOMMEND POSTS