පාප්තුමාගේ විශේෂ යාඥාව

ලෙබනනයේ තෙදින නිල සංචාරයක යෙදෙන ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමන්, බේරූට් අගනුවර වරායට ගොස්, 2020 වසරේ දී, එම වරායේ සිදුවුණු මහා පිපිරුමෙන් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් විශේෂ යාඥාවක් පැවැත්වීය.
බේරූට් වරායේ එම ඛේදවාචකයට හේතුව වූයේ පෙහොර කම්හලක් පිපිරිමෙනි. පිපිරීමෙන් මරණයට පත්වුණු 220 දෙනාත්, තුවාල ලැබූ 6,500 දෙනාත් සිහි කරමින්, පාප්තුමන් වරායේ ඇති ස්මාරකයේ පහනක් ද දැල්වීය.
ඒ අනුව, පාප්තුමන්ගේ සිය පළමු විදෙස් සංචාරය ද අවසන් වූ අතර, ඔහු යළි වතිකානය බලා ගුවන්ගත වුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
(අල් ජසීරා)

