හිස්බුල්ලා නායකත්වයට තවමත් කවුරුවත් නැහැ



ඊශ්‍රායල හමුදාව, ලෙබනනයේ බේරූට් අගනුවර භූගත බංකරයක සැඟවී සිටි හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කිරීමෙන් පසු, හිස්බුල්ලා නායකත්වයට තවමත් සුදුස්සකු පත් කර නැතැයි විදෙස් මාධ්‍ය පවසයි.

නසරැල්ලා ඝාතනයෙන් පසු, නසරැල්ලාගේ අනුප්‍රාප්තිකයා වීමට සුදුස්සා ලෙස සැලකෙන්නේ, හෂීම් සැෆිඩීන්ය. මොහු හිස්බුල්ලා සංවිධානයේ සන්නද්ධ අංශයේ උත්තරීතර මණ්ඩලයේ ප්‍රධානියාය. ඊට අමතරව, හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම නායකයකු වන්නේ ද සැෆිඩීන්ය.

හෂීම් සැෆිඩීන්, ඝාතනයට ලක් වූ නසරැල්ලාගේ ඥාති සොහොයුරාය. කෙසේ නමුත් පසුගිය සිකුරාදා (4) දිනයේ සිට හෂීම් සැෆිඩීන් අතුරුදන් බවත්, හිස්බුල්ලා සංවිධානය පවා ඔහු සිටින්නේ කොහෙදැයි නොදන්නා බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සිකුරාදා (4) ඊශ්‍රායල හමුදාව, බේරූට් නගරයේ, දාහියේ පළාතට ගුවන් ප්‍රහාර එල්ල කළේය. 
ඇතැම් බටහිර මාධ්‍ය පවසා ඇත්තේ ඊශ්‍රායලය, ඔවුන්ට ලැබුණු බුද්ධි තොරතුරු අනුව, හෂීම් සැෆිඩීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන්න ඇති බවත්, ඔහු ද ගුවන් ප්‍රහාරවලින් මියයන්නට ඇති බවත්ය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS