හදිසියෙන් සංචාරකයන්ව ඉවත් කරලා
ජෝර්දානයේ පෙට්‍රා පුරාවිද්‍යා භූමිය ගංවතුරින් යටවීම හේතුවෙන් සංචාරකයින් එම භූමියෙන් ඉවත් කිරීමට සිදුවී ඇති බව වාර්තා වේ.
අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වු ගංවතුර තත්ත්වය නිසා පෙට්‍රා පුරාවිද්‍යා භූමියෙන් සංචාරකයින් සිය ගණනක් ඉවත් කිරීමට සිදු වු බව පෙට්‍රා සංවර්ධන සහ සංචාරක කලාප අධිකාරිය පැවසීය.
යුනෙස්කෝ ලෝක උරුමයන් ලෙස නම් කර ඇති පුරාවිද්‍යා ස්ථාන කිහිපයක් ගංවතුරින් යට වී ඇති ආකාරය දැක්වෙන් වීඩියෝවක් අධිකාරිය නිකුත් කර තිබේ.
ජලයෙන් යට වී ඇති පුරා විද්‍ය ස්ථානය තාවකාලිකව වසා දැමූ බව පෙට්‍රා සංවර්ධන සහ සංචාරක කලාප අධිකාරිය වැඩිදුරටත් පැවසීය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - අම්මාන් නුවර)