සෞදියෙන් ඉරානයට අනතුරු

ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුමට, රාජ්ය තාන්ත්රික විසඳුමක් ලබා ගැනීමට තමන් කැමැත්තෙන් පසුවන නමුත්, සෞදි අරාබියට හෝ එරට බලශක්ති ක්ෂේත්රයට ඉරානයෙන් දිගින් දිගටම ප්රහාර එල්ල වුවහොත් ඊට සමාන අයුරින් ප්රතිප්රහාර දීමට තමන් පසුබට නොවන බව සෞදි අරාබිය ඉරානයට අනතුරු ඇගවීමක් කර ඇත.
ඉකුත් දින 8 පුරා පුරා සෞදි අරාබියේ තෙල් නිශ්පාදන මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්රහාර සම්බන්ධයෙන් සෞදි රජය සිය දැඩි ස්ථාවරය මෙලෙස ප්රකාශ කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් වෙයි.
ලෝකයේ ප්රධානම ෂියා මුස්ලිම් රාජ්යය ලෙස සැලකෙන්නේ ඉරානයයි. ලොව ප්රධානතම සුන්නි මුස්ලිම් රාජ්යය සෞදියයි. පසුගිය වසරවල ඉරානය සහ සෞදිට අතරේ යහපත් සබදතා පැවැත්විණි. ඇමරිකාව මැදිහත් වීමෙන් මෙම සබදතා දෙදරා යනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.

