ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
ඊශ්‍රායලයත් ලෙබනන් හිස්බුල්ලා සංවිධානයත් අතරේ මේ වනවිට සටන් විරාමයක් ආරම්භ වී ඇත.
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින් යළි ඔවුන්ගේ නිවස වෙත පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊ්ශ්රායල ප්‍රහර හමුවේ තම තමන්ගේ නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථානවලට ගිය ලෙබනන් වැසියන් ගණන 90,000 කට වැඩි යැයි ද පැවැසෙයි.