පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ



ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අග්‍රාමාත්‍යවරිය පෙට්‍රා දෙ සටර් සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පෙන්වා දී ඇත.

බෙල්ජියම යුරෛා්පා රටකි. ඊශ්‍රායලය, ඉවක් බවක් නොමැතිව, ලෙබනනයට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන්, යුරෝපා සංගමය දැඩි කනස්සල්ලෙන් පසුවන බව ද වාර්තා වේ. බෙල්ජියම් අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ, අන්තර් ජාතික ප්‍රජාව එක් වී, ඊශ්‍රායලයට එරෙහිව නැගී සිටිය යුතු බවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS